බූස්ස හිර ගෙදර වාට්ටු දෙකක පොළව යටින් ජංගම දුරකථන සහ උපාංග මතුවෙයි

196

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ A හාD වාට්ටුවල පොළව හාරා සූක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (10වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ A හා D වාට්ටුවල හදිසි සෝදසි කිරීමක් සිදුකර ඇති අතර එහිදී මෙම උපාංග අත්අඩංගුවට ගෙන ඇත. එහිදී එම වාට්ටු ඇතුළත පොළව හාරා සූක්ෂම ලෙස සඟවා තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන 02ක්, සිම්පත් 04 ක්, මෙමරි චිප් 01ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02 ක්, ඩේටා කේබල් 02 ක් හා හෑන්ඩ් ෆ්‍රී 01 ක් සැකකරුවන් නොමැතිව සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙවන පෙළ ජේලර් ගිම්හාන, බන්ධනාගාර නියාමක මෙන්ඩිස් හා බන්ධනාගාර නියාමක ජයසුන්දර මහත්වරුන් වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. බඩ්. වී. නිමල් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ප්‍රභාත් විතාන, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, අහංගම – සුගතපාල දියගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment