මගේ ජීවිතයට මරණ තර්ජන එල්ල වෙලා: මුලතිව් දිසා මහෙස්ත්‍රාත්ට සේවය එපාම වෙයි

471

ඉල්ලා අස්වීම අධිකරණ සේවා කොමිෂන් සභාවට යවයි

තමන්ගේ ජීවිතයට මරණීය තර්ජන එල්ල වී ඇතැයි කියමින් මුලතිව් දිස්ත්‍රික් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ලිපියක් යවා ඇති බව 28 දා ප්‍රකාශ කර තිබේ. සැප්තැම්බර් මස 23 වැනිදා මෙම ලිපිය ලියූ බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත නොයවා තමන්ගේ ආරක්ෂාවට යමක්

සිදු වේ දැයි බලා සිටිය නමුත් එවැන්නක් සිදු නොවීම නිසා එම ලිපිය යැවූ බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කරයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ ආන්දෝලනයට ලක්වූ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දුවලින් පසුව මෙවැනි තත්තවයක් උදාවූ බවත් ඒනිසා මහෙස්ත්‍රාත් වෘත්තියෙන් සමු ගැනීම පමණක් නොව ශ්‍රී ලංකාවෙන්ම සමුගැනීමට තමන් සිතා සිටින බවත් ටී. සරවනරාජා මහතා සඳහන් කර තිබේ.

මගේ ජීවිතයට මරණ තර්ජන එල්ල වෙලා: මුලතිව් දිසා මහෙස්ත්‍රාත්ට සේවය එපාම වෙයි

මෑත කාල සීමාවේදී වැඩි අවධානයක් හිමිවූ සිදුවීම් දෙකකට අදාළ නඩු කටයුතු පැවතියේ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේයි.

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුතු පැවැත්වුණේ ටී. සරවනරාජා විනිසුරුවරයා ඉදිරියේදීයි.

කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මූලික පරීක්ෂණ කටයුතු සිදුකෙරුණේ ද විනිසුරු සරවනරාජා මහතා ඉදිරියේය.

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා යොමු කළ බව කියන එවැනි ලිපියක් අධිකරණ අමාත්‍යංශය වෙත හෝ තමන්ට මෙතෙක් ලැබී නොමැති බවත් ඒ ගැන තමන් සොයා බලන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment