මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ විගණන කෙළියක් හෙළිවේ

164


මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින මස්කෙළිය විවිධ සේවා සමූපකාර ගිණුම් වසර 07ක කාලයක් තිස්සේ විගණනය කර නැතැයි නුවරඑළිිය සමූපකාර සංවර්ධන කොමසාරිස්වරිය පවසයි. ඒ අනුව 2016/09/01 දින සිට මේ දක්වා සමූපකාර දෙපාර්තමේන්තුවෙන් ව්‍යවස්ථාපිත විගණනයක් සිදු කර නොමැත.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය කෙරෙන ග්‍රාමීය බැංකු ශාඛාවන් පිළිබඳව කරන ලද තොරතුරු විමසුමකදී මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නුවරඑළිය නියෝජ්‍ය කොමසාරිස් එස්.එස්.ප්‍රේමසිංහ මහත්මිය විසින් මේ බැව් ලිඛිතව දන්වා එවා ඇත.
මධ්‍යම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති නුවරඑළිය නියෝජ්‍ය සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලය මගින් වසරක් පාසා අනිවාර්යෙන් ව්‍යවස්ථාපිත විගණනයක් කළයුතු වුවද වසර 07 ක දීර්ඝ කාලයක් තිස්සේ මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ගිණුම් මෙසේ විගණනය නොකිරීම සම්බන්ධව මෙම සමිතියේ ග්‍රාමීය බැංකු ශාඛාවල ගිණුම් පවත්වාගෙන යන ගණුදෙනු කරුවන් විමතිය පළ කර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment