මහින්දගෙන් රහසිගතව ප්‍රශ්න කරයි

477

ගාලු මුවදොර සාමකාමී අරගලයට එල්ලවූ අමානුෂික මැර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැය හතරහමාරක කාලයක් රහසිගත ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම ප්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේ ඉකුත් 24 වැනිදා සවස් කාලයේදී වුවත් ඒ පිළිබඳ කිසිවක් හෙළි නොකිරීම විශේෂත්වයකි.

හිටපු අගමැතිවරයා පදිංචිව සිටින නුගේගොඩ විජයාරාම මාවතේ පිහිටි නවස වෙත ගොස් ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.

ගාලු මුවදොර සාමකාමී අරගල භූමියට මැර ප්‍රහාර එල්ලවූ ඉකුත් 09 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීම සම්බන්ධයෙන් මෙහිදී හිටපු අගමැතිවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

ගාලු මුවදොර අරගලයට මෙම ප්‍රහාරය එල්ල කළේ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමෙන් පසු කඩා වැදුණු දේශපාලඥයන් ඇතුළු මැර පිරිසක් විසිනි. මෙම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට හිටපු අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයින් පනහකට අධික පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment