මාතලේ ක්‍රිකට් දක්ෂයෝ ඇගයෙති

50

දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලෑලිඅඹේ මහා විදුහලේ යසන්ති නිමන්තිකා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික හා මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් සුජීව ගොඩලියද්ද මහතා සම්මානය පිරිනැමූ අයුරු. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හා ළහිරු මධුශංක යන මහත්වරුද සිටිති.

මාතලේ දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ කවීෂ ලියනාරච්චි සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලෑලිඅඹේ මහා විදුහලේ යසන්ති නිමන්තිකා සම්මානයට පාත්‍ර වූවාය. යසන්ති නිමන්තිකා පසුගියදා බංග්ලාදේශයේ සංචාරය කළ ශ්‍රී ලංකා කාන්තා පිලේ සාමාජිකාවක් ද වූවාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික හා මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් සුජීව ගොඩලියද්ද මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත්, මාතලේ පුරවරයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය,

ශ්‍රී ලංකා විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ළහිරු මධුශංක යන මහත්වරුන් විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූ මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී මාතලේ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 13න්, 15න්, 17න්, 19න් හා 23න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීමට ලක් කෙරුණි. මෙහිදී විවිධ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන වෙනම සම්මාන ප්‍රදානය විය.

මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති උපාලි සිරිසේන මහතා සහ මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment