මධ්‍යම පළාත් ක්‍රීඩක වර්ණ ප්‍රදානය

88

ඉකුත් වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් මධ්‍යම පළාතට කීර්තිය රැගෙන ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, ක්‍රීඩාව භාර ගුරු භවතුන් ඇතුළුව එයට දායකත්වය සැපයූ නිලධාරීන් 1186 කු ඇගයීමට ලක් කරමින් වර්ණ ප්‍රදානය කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර – පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම උත්සවයේ දී ආසියානු මලල ක්‍රීඩා වාර්තාලාභිණී වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහලේ තරුෂි කරුණාරත්න තමන්ට ප්‍රදානය කෙරුණු සුවිශේෂ සමරු තිළිණය ලබා ගන්නා අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment