මියගිය කොටි සාමාජිකයන් 24,379කගේ නම් සඳහන් කරමින් යාපනයේ මහවිරු සැමරුමක්

375

යාපනයේ ඉකුත් යුද සමයේ මියගිය ත්‍රස්තවාදී සාමාජිකයන්ගේ නම් ඇතුළත් නාමපුවරුවක් ඉකුත් 21 දා සවස පැවති මහවිරු සැමරුමේදී විවෘත කරන ලදී.

කොටි සංවිධානයේ මියගිය පිරිස් වෙනුවෙන් එම සංවිධානය සක්‍රීයව පැවති සමයේ මහවිරු සැමරුම් පැවති අතර එම සංවිධානය යුදමය පරාජයට පත්වීමත් සමග නැවත උතුරේ දමිළ දේශපාලනඥයන් විසින් යළිත් මහවිරු සැමරුම අරඹන ලදී. අදාළ නාමපුවරු සහිත ඵලකය යාපනයේ පිහිටි තිලීපන් ස්මාරකය අබිියස විවෘත කෙරිණ. මෙහිදී 1982 සිට 2009 දක්වා යුද ගැටුම් හේතුවෙන් මියගිය කොටි සාමාජිකයන් 24,379 දෙනකුගේ තොරතුරු මෙහි සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවට උතුරු පළාත නියෝජනය කරනු ලබන දෙමළ දේශපාලනඥයන් හිටපු කොටි අසාමාජිකයන්, මියගිය පිරිස්වල පවුල් වල සාමාජිකයින් හා පාසැල් දරු දැරියන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment