රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කැඩීමේ සිද්ධියට අධි චෝදනා

1391

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබේ.ඒ බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා මණ්ඩපය” සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා ගොනුකර තිබේ.හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම වළක්වමින් පසුගියදා අභියාචනධිකරණය විසින් දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් 05ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මෙම දැනුම්දීම සිදු කළේය.යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment