වසර 5ක සිර දඬුවම් නියම වූ හිටපු එස්. ඩී. අයි. ජී. ලලිත් ජයසිංහට ඇප

764

තම අධිකරණය විසින් වසර පහක සිර දඬුවම් නියම කර තිබූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඇප මත මුදාහැරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (17දා) නියෝග කළාය.

මහාධිකරණය විසින් නියම කළ එකී සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනාවක් ගොනු කර ඇති බවත් එබැවින් එකී අභියාචනාවට යටත්ව ඇප නියම කරන ලෙසත් ඉල්ලමින් විත්තියේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරිය රුපියල් 30,000ක මුදල් හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එම විත්තිකරු මුදාහැරීමට නියෝග කළාය.

විදේශ ගමන් තහනමක් ද විත්තිකරුට පැනවූ මහාධිකරණ විනිසුරුවරිය විදේශ ගමන් බපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසට ද නියෝග කළාය. විත්තිකරුගේ වයස හා ඔහුගේ රෝගී තත්ත්වය මෙන්ම ඔහු බන්ධනාගාරගත කිරීම නිසා ඔහුගේ දියණිය පත්වී ඇති මානසික පීඩනය කෙරෙහි අවධානය යොමු කරන ලෙසට විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment