වැග්නර් හමුදා නායකයාගේ අවසන් කටයුතු අප්‍රසිද්ධියේ සිදු කෙරේ

460

ඉකුත් සතියේ සිදු වූ පුද්ගලික ජෙට් යානා අනතුරකින් මිය ගිය වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ජෙනි ප්‍රිගොසින්ගේ අවසන් කටයුතු රුසියාවේ පිහිටි ඔහුගේ උපන් ප්‍රදේශයේ සුසාන භූමියකදී පවුලේ සාමාජිකයන්ගේ හා සමීප හිතවතුන්ගේ සභභාගිත්වයෙන් අප්‍රසිද්ධියේ පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ‘පොරොකොව්ස්කොයේ’ සුසාන භූමියේදී පෙරේදා දිනයේ බාහිර පුද්ගලයන්ගෙන් තොරව පවුලේ සාමාජිකයන් හා සමීප හිතවතුන්ගේ පමණක් සහභාගිත්වයෙන් මිය ගිය 62 හැවිරිදි ප්‍රිගොසින්ගේ අවසන් කටයුතු සිදු කර ඇති බව වාර්තා වේ. ප්‍රිගොසින්ගේ අවසන් කටයුතු සිදු වන අවස්ථාවේ සුසාන භූමියට බාහිරින් පුද්ගලයන් ඇතුළු වීම වැළැක්වීම සඳහා රුසියානු ජාතික ආරක්ෂක බළකායට අයත් භටයන් රැකවල්ලා සිටි බවත් රුසියානු ජාතික ධජය හා වැග්නර් කුලී හමුදාවේ ධජය මල් කළඹවල්වලින් ආවරණය කර ඇති ප්‍රිගොසින්ගේ සොහොන් කොත අසල ඔසවා ඇති බව රුසියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment