වෛද්‍ය හිඟයෙන් බලන්ගොඩ රෝහලත් ලෙඩින්

87

බලන්ගොඩ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වෙන අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ ඒකකයට වෛද්‍යවරුන්ගේ අඩුවක් පවතී. මේ හේතුව නිසා හදිසි ප්‍රතිකාර ඒකකයේ සතියේ දින හතේම සේවා පවත්වාගෙන යෑමේ අසීරුතාවක් පවතින බව වාර්තා වේ.

සෙනසුරාදා දහවල් 12.00 න් පසුව ඊළඟ සඳුදා දිනය තෙක් පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීමට වෛද්‍යවරුන් නොමැති බැවින් කහවත්ත මූලික රෝහලට මෘතදේහ යැවීමට හෝ එහි වෛද්‍යවරයෙකු ගෙන්වා ගැනීමට වාහනයක් යැවීමට සිදුවන බවද පැවසේ.

වෙනත් රෝහලකට මෘතශරීර ගෙන යෑම හා ගෙන ඒමට මියගිය අයගේ ඥාතීන්ට විශාල මුදලක් වැයවන බවද ජනතාව පවසති.

මෙම කරුණු ගැන වෛද්‍ය අධිකාරී සුනිල් කරුණානායක මහතාගෙන් විමසූ විට මෙම වෛද්‍ය පුරප්පාඩු ගැන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇති බව තහවුරු කළේය.
බලන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment