ශ්‍රී ලංකාවේ අර්බුදයට හේතුව වැරදි ආර්ථික කළමනාකරණය -ශ්‍රී ලංකාවට අදාළ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ්

113

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ස්වභාවිකව ඇති වූ අර්බුදයක් නොව වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇති වූවක් බව නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතා පැවසීය.

ඒ නිසා මෙය මිනිසා විසින් ඇති කර ගත් අර්බුදයක් (Man made crisis) බව ද ඒ මහතා කීවේය.

මේ නිසා විදේශ ණය විශාල වශයෙන් එකතු වූ බවත් ඒ මහතා කීවේය.

2021 සහ 2022 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ දිළිඳුභාවය සියයට 13.1 සිට සියයට 25 දක්වා දෙගුණයක් වූ බවට ගණන් බලා තිබෙන බව ද මේ වසර (2023) අවසන් වනවිට දිළිඳුභාවය තවත් සියයට 2.4 කින් ඉහළ යනු ඇතැයි ද ෆාරිස් මහතා සඳහන් කළේය. තවත් බොහෝ අයට දිළිඳුභාවයේ කම්පනය දැනෙන දිනය වැඩි ඈතක නොවන බව ද සඳහන් කළ ඔහු කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment