ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ගිය වසරේ ලොව පුරා 5097කට පෙනීම දෙයි

263

ලෝකයේ රටවල් 57 ක සහ මෙරට අන්ධ රෝගීන් 5097 කට පෙනීම ලබාදීමට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පසුගිය වසරේ නොමිලේ අක්ෂි කුනීත සැපයූ බව එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජගත් සමන් මාතරආරච්චි මහතා පැවසීය.

නොමිලේ දන්දුන් අක්ෂි කුනීත 1257ක් ශ්‍රී ලාංකික අන්ධ රෝගීන් සඳහාත්, 3840ක් විදේශිකයන් සඳහාත් ලබාදුන් බව ඒ මහතා පැවසීය. රටවල් 57ක නගර 117ක අන්ධ රෝගීන් සඳහා මෙසේ කුනීත සපයා තිබේ. මෙරට අන්ධ රෝගීන් සඳහා වසරකට අක්ෂි කුනීත 1500ත් 2000ත් අතර ඉල්ලීම් පවතින අතර විදේශ රටවලින් 5000ක පමණ ඉල්ලුමක් ඇතැයි ජ්‍යෙෂ්ඨ කළමනාකරු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව වාර්ෂිකව ලෝක ජනතාවගෙන් මිලියන 12.5ක් අක්ෂි කුනීත අපේක්ෂාවෙන් සිටින බවද ශ්‍රී ලාංකිකයින් ඇස් දන්දීමට ඉදිරිපත් වීම ඉහළ ගොස් තිබෙන බවද පැවසූ ඒ මහතා ලැබෙන අක්ෂි කුනීත අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් අනුව නොමිලේ සැපයීමට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පියවර ගන්නා බව ද කියා සිටියේය.
මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment