ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තහනමක් එයිද?

922

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පැනවීමට කිසියම් පිරිසක් උත්සාහා ගන්නේ නම් අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරු කමිටුවක් පිහිටුවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැකගනිමින් මාස හයක් ඇතුළත ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.අමාත්‍යවරයා මේ බව පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පැනවීමට කිසියම් පිරිසක් විසින් උත්සාහා ගන්නා බවට තොරතුරු වාර්තා වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හමුවේය. මේ සම්බන්ධව එක්තරා පිරිසක් ඊයේ කොළඹ පිහිටි තරු හෝටලයකදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වන බව ද විපක්ෂ නායකවරයා සදහන් කළේය. මේ අතර අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවන කුමන්ත්‍රණයක් බවය.ඊට අදාල තොරතුරු දින 02කින් හෙළිකරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment