ශ්‍රී ලංකා බංග්ලාදේශ තීරණාත්මක තරගය අද

177

වනිඳු යළි පිටියට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පන්දු වාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් තරගය අද (09 වැනිදා) බංග්ලාදේශයේ සිල්හෙට් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ප.ව.03.00 ට ආරම්භ වීමට නියමිතය.

තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත් අතර දෙවන තරගය බංග්ලාදේශය ජය ගත්තේය.

ඒ අනුව පළමු තරඟ දෙක අවසානයේ 1-1ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසුවන බැවින් අද තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය හිමි වනු ඇත. තරඟ තහනමක් හේතුවෙන් පළමු තරග දෙකට ක්‍රීඩා කිරීමට වරම් නොලද විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක වනිදු හසරංග අද තරඟය සඳහා ක්‍රීඩා කිරීම කිරීමට නියමිතය.

ඒ අනුව බලන කල ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේදී පළමු තරඟ දෙකට වඩා ශක්තිමත්ව අද තරගය සඳහා මුහුණ දෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර සහභාගී වන අවසන් විස්සයි විස්ස තරගය මෙය වන බැවින් අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට බෙහෙවින් වැදගත් වනු ඇත.

පළමු තරග දෙකේදී පිත්තෙන් අසාර්ථක වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට බොහෝ දුරට වෙනත් ක්‍රීඩකයකු අද ආදේශ කිරීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකා සංචිතය: නායක වනිදු හසරංග, චරිත් අසලංක (උප නායක ) කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහේෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ

බංග්ලාදේශ සංචිතය: නජිමුල් හොසෙයින් ෂැන්ටො (නායක), ලින්ටන් දාස්, අනාමුල් හක් බිජොයි, මොහොමඩ් නයිම් ෂෙයික්, ටවිඩ් හිඩොයි, සෞම්‍යා සර්කාර්, මහමුද් උල්ලාහ්, ටජිමුල් ඉස්ලාම්, රිෂාඩ් හොසයින්, ටස්කින් අහමඩ්, රිෂාඩ් හොසයින්, ටක්සින් අහමඩ්, ටැන්සිම් හසන් සකිබ්, ඇලිස් අල් ඉස්ලාම්

රවිදු තෙවරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment