සබරගමුව වෛද්‍ය සිසුන්ගෙන් යූජීසීයට ඉල්ලීමක්…

115

සබරගමුව වෛද්‍ය පීඨයට නිශ්චිත මහාචාර්ය එක්කයක් නොමැතිවීම සහ මෙතෙක් නොවිසඳී ඇති ගැටලු සම්බන්ධව වගකිවයුත්තන් රැස්කර සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා එම වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඊයේ (16දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලිපියක් භාර දුන්හ. එම අවස්ථාවේ එම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට පැමිණ ඊට සහාය දැක්වූහ.

ශිෂ්‍ය ඉල්ලීම් ඉටුවන තෙක් අඛණ්ඩ පංති වර්ජනයක් කරන බවත් බලධාරීන් මෙම සාධාරණ ඉල්ලීම් පිළිබඳව නිද්‍රාශීලීව කටයුතු කරන බව එම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඔසුර විතානගේ පැවසීය. මෙම අවස්ථාවට එම ශිෂ්‍ය සංගමයේ උප සභාපති නවෝද්‍ය නිපුන් ඇතුළු පිරිසක් ද එක්වූහ.
පින්තූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment