සම්බාහනයට මුවා වී මුදලට කතුන් විකුණලා – කාන්තාවෝ 14 දෙනෙක් සහ කළමනාකාරිය අත්අඩංගුවට

703

ධනපතියන්ට හා ව්‍යාපාරිකයින්ට විකිණීම සඳහා කාන්තාවන් රඳවා සිටි මධ්‍යස්ථානයක් පොලිසියෙන් වටලයි.

නුගේගොඩ, නාවල පාර ප්‍රදේශයේ පාද සම්බාහන ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ධන කුවේරයන් හා ව්‍යාපාරිකයන් හට ගණිකා සේවය සඳහා මුදලට විකිණීමට රඳවා තබාගෙන සිටි කාන්තාවන් 14 දෙනෙක් සහ ආයතනයේ කළමනාකාරවරිය ලෙස සේවය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

ආයුර්වේද පාද සම්බාහනය සිදුකර ගැනීම සඳහා ස්ථානයක් ඇති බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර එම ස්ථානයට දුරකථන ඇමතුම් ලබාදී කැඳවා ගනු ලබන ව්‍යාපාරිකයින් හට ඉතා අධික මිල ගණන් යටතේ ගණිකා සේවයේ යෙදවීම සඳහා කාන්තාවන් ලබාදී ඇති බවත් එම ස්ථානයේ සහ පිටස්තර ස්ථාන වලට රැගෙන යන කාන්තාවන් ගණිකා සේවයේ යෙදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය කරගත් කර ගත් බව පොලිසිය පවසයි.

කුලී පදනම මත ලබාගත් මෙම ගොඩනැඟිල්ල තුළ රුපියල් 7,000 සිට රුපියල් 25,000 දක්වා මිල ගණන් යටතේ කාන්තාවන් මුදලට විකුණා ඇති බවත් එම ස්ථානයේදී සේවය ලබාගන්නේ නම් කාමර ගාස්තුවක්ද අයකර ඇති බව අත්අඩංගුවට පත්වූ කළමනාකාරවරිය ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් 14 දෙනා සහ කළමනාකාරවරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාරදුන් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පැවසීය.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පො.ප. ජනශාන්ත කාහටදෙනිය මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත පො.සැ. (54478) වසන්ත, පො.කො. (82936) මධුසංඛ, (84517) වන්නිනායක, (103214) කුමාරසිංහ, (103234) වීරසිංහ, කා.පො.කො. (11379) අයේෂා යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
එස්. ඩී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment