ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයෙන් ඉල්ලා අස්කර ගනී

115

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද ත්‍රස්ත විරෝධී නමැති නව පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයෙන් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බවට සභානායක කාර්යාලයේ ලේකම් විසින් දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18 දා) දැනුම් දුන්නේය.

අදාළ පනත් කෙටුම්පත මේ වන විටත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතත්, සභානායක ලේකම් විසින් එවා ඇති ලිපියක් මගින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඉදිරිපත් නොකරන බව දන්වා ඇතැයි ද හෙතෙම කීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment