අඩි සියයක් ගැඹුරු ළිඳකට වැටුණු දරුවා මිය යයි

394


ලොව පුරා අවධානය යොමු වූ මොරොක්කෝවේ අඩි 100ක් පමණ ගැඹුරු ළිඳකට ඇද වැටුණු පස් හැවිරිදි රයන් අව්රම් දරුවා ඉන් පිටතට ගන්නා අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව එරට බලධාරීන් තහවුරු කරයි.
ඉකුත් පළමු වැනිදා රයන් මොරොක්කෝවේ චෙෆ්චෞවන්හි කඳුකරයේ පිහිටි ඔහුගේ පියාට අයත් එම ළිඳ අසල සෙල්ලම් කරමින් සිටියදී ඒ තුළට ඇදවැටී තිබුණි.
එදින සිට දිවා රෑ අඛණ්ඩව සිදුකළ ඉතා අසීරු මෙහෙයුමකින් අනතුරුව රයන් ඉන් ගොඩ ගැනීමට ඔවුන්ට හැකිවුණි.

නමුත් ඔහු ළිදෙන් ගොඩගන්නා විට මියගොස් සිටි බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment