ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ බලපත්‍රය අවලංගුයි

429

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව අද සිට බලපැවැත්වෙන පරිදි “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු වනු ඇති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයට 2022 දෙසැම්බර් 28  දින සිට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ, මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට අවසර නොමැත. 

advertistmentadvertistment
advertistmentadvertistment