සැඟවූ සහල් – සීනි වැටලීමට අධිකාරිය ආරක්‍ෂාව ඉල්ලයි

102

පාරිභෝගිකයන්ට අවශ්‍ය සීනි සහ සහල් වෙළෙඳපොළට නිකුත් නොකර සඟවා ගෙන සිටින වෙළෙඳසල් වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ සහාය පොලිස්පතිවරයා මාර්ගයෙන් ඉල්ලා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය වීරසිංහ මහතා ඊයේ (27 දා) පැවසීය. භාණ්ඩ සඟවා ඇති ස්ථාන සම්බන්ධයෙන් 1977ට දැනුම් දෙන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහා පරිමාණ වෙළෙඳසල් වැටලීමේදී නිලධාරීන්ගේ ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායත්, ප්‍රධාන නගරවලින් බැහැරව සිදුකරන වැටලීම්වලදී පොලිසියේත් ආරක්‍ෂාව ලබාදීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇතැයි ද වීරසිංහ මහතා කීය.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීම් කිරීමට යෑමේදී විවිධ අපහසුතාවන්ට පත් වූ බවත්, එවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා නිලධාරීන්ට පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙස එම ලිපිය මගින් ඉල්ලා ඇති බවත් සංජය මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment