බංග්ලාදේශ චිත්‍රපට උළෙල 06 වැනිදා ඇරඹේ

49

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය තුන්වන වරටත් සංවිධානය කරන බංග්ලාදේශ චිත්‍රපට උළෙල ලබන 06 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලබන 06 වැනිදා සවස 6.00ට REHANA MARYAM NODR චිත්‍රපටය තිරගත වන අතර 7 වැනිදා සවස 3.30 ට RAAT JAGA PHOOL චිත්‍රපටය තිරගත වේ. එදින සවස 6.00 ට NONA JOLER KABBO ප්‍රදර්ශනය කෙරේ. ඔක්තෝබර් 08 වැනිදා සවස 3.30ට DAMAL චිත්‍රපටය ප්‍රදර්ශනය කරන අතර එදින සවස 6.00 ට NO DORAI චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment