හමුදාවෙන් අස්වෙන අයට මැයි 20දා තෙක් සමා කාලයක්

51

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමට 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

එම ප්‍රකාශිත පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් ඔවුන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇත.

2024 අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ නිලධාරි හා සෙසු නිලයන් පහත සඳහන් ලිපි ලේඛන සමගින් තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් රපෝර්තු කළ යුතු බව ද එහිදී අස්කිරීමේ මූලික පාලන කටයුතු පැය 72ක කාලසීමාවක් තුළ සිදුකර යුද්ධ හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත් වීම සඳහා කටයුතු සලසා දී ඇති බව ද යුද හමුදා මූලස්ථානය කීය. යුද්ධ හමුදා හැඳුනුම්පත (යුද්ධ හමුදා හැඳුනුම්පත අස්ථානගතව ඇත්නම් මෑතකදී ලබාගන්නා ලද පොලිස් වාර්තාවක පිටපතක්), ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්, වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක්, අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායාස්ථ පිටපතක් (ඇත්නම් පමණක්).

නිවාඩු නොමැතිව සේවයට වාර්තා කිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති, නීත්‍යනුකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත්වීමකින් තොරව විදේශගතව සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ට ද නැවත රපෝර්තු කිරීමකින් තොරව තම රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් මෙම පොදු සමා කාලය තුළදී නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීමට මේ අනුව අවස්ථාව ලබා දී ඇති බව යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් (මාධ්‍ය) මේජර් ජෙනරාල් රසික කුමාර පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment