Ex-Pack සමාගම, Inspire Inclusion වැඩසටහන සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

27

ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, මාර්තු 8 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

මේ වසරේ ජගත් කාන්තා දින ගෝලීය තේමාව අනුව යමින්, Inspire Inclusion යනුවෙන් නම් කරන ලද මෙම වැඩසටහන හරහා කාන්තා සවිබලගැන්වීම වෙනුවෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම අවධාරණය කෙරුණි.

වැඩසටහනෙහි ප්‍රධානම අංගය වූයේ ප්‍රකට වෘත්තීය සහ පුද්ගල සංවර්ධන පුහුණු උපදේශකවරියක වන දීප්ති පෙරේරා පැවැත්වූ සැසියයි. වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීම සහ කාන්තා සවිබලගැන්වීම ගැන අවධානය යොමු කෙරුණු එම සැසිය තුළදී පෞද්ගලික ජීවිතයේ පූර්ණත්වය ළඟා කරගන්නා අතරතුර වෘත්තීය සාර්ථකත්වය ලබාගැනීමට අනුගමනය කළ හැකි විධික්‍රම පිළිබඳව ද සහභාගීවූවන් දැනුවත් කෙරුණි. තම කුසලතා භාවිත කරමින් ජීවිතයේ සෑම අංශයකදීම සමානාත්මතාව ළඟාකරගැනීමට Ex-Pack කාර්යමණ්ඩල සාමාජිකාවන් දිරිමත් කිරීම එහි අරමුණ විය.

advertistmentadvertistment
advertistmentadvertistment