IMF ‍නිර්නායක සපුරා තිබෙනවා – රටට 2024 යහපතක් වේවි – කෙන්ජි ඔකමුරා

63

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵලදැරීමට පටන්ගෙන ඇති බවත් ආර්ථිකය ස්ථාවරවීමේ තාවකාලික සලකුණු පෙන්නුම් කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ කෙන්ජි ඔකමුරා මහතා පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාස 48ක විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය.

මේ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ කෙන්ජි ඔකමුරා මහතා මෙසේ ද කීවේය.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵලදැරීමට පටන්ගෙන ඇති අතර ආර්ථිකය ස්ථාවරවීමේ තාවකාලික සලකුණු ද පෙන්නුම් කරනවා. හිඟ වියදම් පිළිබඳ නිර්ණායකය හැර සෙසු සියලුම නිර්ණායක ශ්‍රී ලංකාව සපුරා ඇති අතර බදු ආදායම හැර අනෙකුත් සියලුම ඉලක්ක ද සපුරා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ කාලානුරූපීව ක්‍රියාත්මක කිරීම මගින් සියලු පුරවැසියන්ට සැලකිය යුතු ආර්ථික වාසි ලබාගත හැකියි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීනයේ එක්සිම් බැංකුව සමග ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය ගිවිසුම්වලට එළඹීම විස්තීරණ අරමුදල් පහසුකමෙහි ඉලක්කවලට අනුකූලයි. ඒ නිසා මෙම ගිවිසුම් ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය කරා යන මාවතේ වැදගත් සන්ධිස්ථානයක්.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment