රනිල් නම් වූ ඔහු

1457

(එක්සත් ජාතික පක්‍ෂයේ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  73 වන ජන්ම සමරුව අදට යෙදී ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි)

 නිදහස වෙනුවෙන් සිය ධනය, ශ‍්‍රමය, නැණ නුවණ, දේපළ හා තම මාධ්‍ය ආයතනය කැප කළ ඞී. ආර්. විජයවර්ධන ශී‍්‍රමතුන්ගේ දෙටු දියණියගේ හා මෙරට ප‍්‍රථම සිංහල දිසාපතිවරයා වූ දකුණු ලක දිසාවේ උපන් සී. එල්. වික‍්‍රමසිංහයන්ගේ

 පුතණුවකු වූ එස්මන්ඞ් වික‍්‍රමසිංහයන්ගේ පවුලේ දෙවැනි පුතණුවන් වූ රනිල් ශි‍්‍රයාන් වික‍්‍රමසිංහ මහතා උපත ලද්දේ මීට වසර 73කට පෙර 1949 මාර්තු 24 වැනිදාය.

 කොළඹ රාජකීය විiාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිiාලයේ නීති පීඨයෙන් නීතිය හදාරා අධිනීතිඥයකු වශයෙන් අධිකරණයට පිවිසි රනිල් වික‍්‍රමසිංහ මහතා කැලණිය ආසනයෙන් දේශපාලන කටයුතු ආරම්භ කරන්නේ හරියටම මීට වසර 50කට පෙර 1972 වසරේදීය. පසුව අභිනවයෙන් ඇතිකළ බියගම ආසනයට එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායක වශයෙන් ඉදිරිපත් වන රනිල් වික‍්‍රමසිංහ මහතා 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන මැතිසබයට පිවිසෙන්නේ එවකට හණ සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කළ ඬේවිඞ් හපන්ගම මහතා වැඩි ඡුන්ද 6,769කින් පරාජයට පත් කරමිනි. 1977 මහා මැතිවරණයේදී 5/6ක ජනවරමක් ලබා මෙරට අගමැති ධුරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ජනතාව පෙළුෑ සියලූම මුග්ධ නීති රීති වෙනස් කර සාගින්නෙන් බඩපොත්ත වියළී ගිය ජනතාව වෙත අද මෙන් පැවති පෝලිම් යුගය නිමා කර, ඇති තරම් ආහාර පානද, රෙදිපිළිද ලබා ගැනීමට හැකි වන ලෙස භාණ්ඩ සුලබ කළේ විදේශාධාර ලබා ගනිමින්ය. රටේ එකම බිම් අඟලක්වත් විදේශයන්ට විකිණීමටවත්, පැවරීමටවත්.

 බදු දීමටවත් කි‍්‍රයා නොකළ ජයවර්ධන යුගය නිදහසින් පසු මෙරට බිහිවූ සංවර්ධන යුගය බවට පත්විය. එම යුගයේදී ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමැතිවරයා වූයේ ප‍්‍රවීණ දේශපාලනඥයකු වූ කන්ද උඩරටින් මැති සබයට පැමිණි ඒ. සී. ඇස්. හමීඞ් මහතාය. ඔහුගේ නියෝජ්‍ය ඇමැතිවරයා වූයේ රනිල් වික‍්‍රමසිංහ මහතාය. 1977 ජූලි 23 වැනි දින සිට 1978 පෙබරවාරි 04 වැනිදා දක්වා එම නියෝජ්‍ය අමාත්‍ය පදවිය දැරූ රනිල් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ බිහිවූ ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ යෞවන කටයුතු හා රැුකී රක්ෂා ඇමැතිවරයා වශයෙන් විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේ එම ඇමැති මණ්ඩලයේ ළාබාලම ඇමැතිවරයා වශයෙනි.

 එවිට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වයස අවුරුදු 27කි. එතැන් සිට 1994 දක්වා අවුරුදු 15ක් එක දිගට ඇමැති තනතුරු දැරූ මෙතුමා 1993 දී සිදුවූ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අභාවයෙන් පසු අගමැති පදවියට පත්විය.

 ඒ අනුව අවුරුදු 15ක කාලයක් මැති, ඇමැති අගමැති තනතුරු හෙබවූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙරටට සිදුකළ සේවය අති විශාලය. 1965 බිහිවූ එ.ජා.ප. ජාතික රජයේ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා පිහිටුවන ලද ජාතික තරුණ සේවා සභාව 1970 වසරෙන් පසු පැවතුණේ මන්දගාමී ආයතනයක් ලෙසය. ජේ. ආර්. ජයවර්ධන මහතා ජාතික තරුණ සේවා සභාවේ වගකීම් ද යෞවන කටයුතු අමාත්‍යාංශය වෙත පැවරීය. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ

 නායකත්වයෙන් 1978 වසරේ සිට තරුණ සේවා සභාව තුළ ඇතිවූ නවෝදය මෙරට තරුණ පරපුරේ විවිධ හැකියාවන් උදෙසා ලද දේව වරමක් බඳුවිය. ගමින් ගම ඇරඹුණු යෞවන සමාජ වැඩපිළිවෙළ නිසා බිහිවූ යොවුන් නායක නායිකාවන් ප‍්‍රමාණය අතිවිශාලය.

 නිස්කෝ තරුණ ණය වැඩසටහන, රසික හවුල, යෞවන සමාජ සම්මේලනය, යොවුන් ගී කණ්ඩායම, යොවුන්පුරය, යොවුන් කඳවුරු කී‍්‍රඩා තරග ආදී වැඩසටහන් තරුණ දක්‍ෂතා ඉස්මතු කරගැනීමට ඉඩකඩ ලබාදුන් වේදිකාවන් විය. අද මෙරට ගායන ක්‍ෂේත‍්‍රයේ සිටින ගායක ගායිකාවන් රැුසක් බිහිවූයේ මෙම යොවුන් ගී කණ්ඩායම තුළිනි.

 නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා කිසි විටෙක තමාගේ දේශපාලන වේදිකාවට මෙම ගායක ගායිකාවන් නංවා ගත්තේ නැත. ඔවුන් ලවා තමාට වන්දිබට්ට ගීත ගායනා කරගත්තේද නැත. ඒ රනිල් පිළිවෙතයි. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් එකිනෙකා පිට එකිනෙකා ඝාතනය වී බිම වැටෙද්දී රනිල් පක්ෂයේ නායකත්වය 1994 දී භාර ගත්තේය. රනිල්ගේ දක්‍ෂතාවයන් හා හැකියාවන් දුටු විරුද්ධ දේශපාලකයෝ ජනතාව නොමඟ හැරියේ ‘රනිල්ට බෑ’ යනුවෙන් ජනමතයක් ගොඩනගමිනි. 1977 වසරේ පෝලිම් යුගය නිමාකර රට ස්වයංපෝෂිත කළ ජයවර්ධන යුගයේ ප‍්‍රාතිහාර්යය සිහිපත් කරමින් වර්තමානයේ එය ජීවමාන කිරීමට රනිල් වික‍්‍රමසිංහයන් සැලසුම් කරයි. අද සිටින කිසිම නායකයකු ජේ. ආර්. ජයවර්ධනයන් ඇසුරු කර නැත. සමහරුන් දැකලාවත් නැත.

 රනිල්, ජේ. ආර්. දේශපාලනයේ සිටි ඇමැතිවරයෙකි. ජේ. ආර්. රට ගොඩනැගුවේ මේ රටේ බිම් අඟලකුදු විදේශයනට නොවිකුණාය. ඔහු විදේශ සම්පත් රටට ළඟාකර දුන්නේය. අදටත් රටට ජේ. ආර්. වැනි තුන්කල් දකිනා ඉසිවර නුවණක් ඇති නායකයකු අවශ්‍යය. ඔහු රනිල්ය. ඔබ රටටම අවැසිම යුගයයි මේ උදාවී තිබෙන්නේ.

 අපේ රටේ ජනතාව මේ ටික අවබෝධ කර නොගන්නාතුරු රටත්, ජනතාවත් කබලෙන් ලිපට වැටෙනවා මිස එයින් ගැලවීමක් ද නැත.

 වජිර අබේවර්ධන,
 සභාපති – එක්සත් ජාතික පක්‍ෂය

advertistmentadvertistment
advertistmentadvertistment