අයිසීසී 2023 සුදු පන්දුවේ රැජන චමරි – එක් දින කණ්ඩායමේ ද ඔටුනු පළඳියි

226

2023 වසරේ පන්දුවාර විස්සයි විස්ස අයිසීසී කාන්තා කණ්ඩායමේ නායකත්වය සඳහා පත්කර තිබූ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු 2023 වසරේ කාන්තා එක් දින කණ්ඩායමේ නායකත්වය සඳහා ද නම් කර ඇත.

ඒ අනුව අයිසීසිය විසින් 2023 වසර සඳහා නම් කරන ලද සීමිත පන්දු වාර කාන්තා කණ්ඩායම් දෙකේම නායකත්වය චමරි අතපත්තුට හිමි වීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසර සඳහා තෝරා ගන්නා ලද කාන්තා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු පෙරේදා නම් කෙරිණි.

2023 වසරේ ජනවාරි මස 01දා සිට 2023 වසරේ දෙසැම්බර් මස 31දා දක්වා විස්සයි 20 පිටියේ සහ එක්දින ජාත්‍යන්තර පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් විශේෂ ඇගයීමක් කර එම කණ්ඩායම් දෙකේ අවසන් ක්‍රීඩිකාවන් 11 දෙනා තෝරා ගෙන ඇත.

අනතුරුව එම කණ්ඩායම් සඳහා ප්‍රකාශ කරන ලද නායකත්වයට චමරි අතපත්තු පත් කර ඇත.

මේ අතර 2023 වසරේ අයිසීසී ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමත් වී තිබේ.

ඔස්ටේ්‍රලියාවේ පැට් කමින්ස් ගේ නායකත්වයෙන් පත් කරන ලද එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස දිමුත් තෝරාගෙන තිබේ.

අයිසීසී එක්දින පිරිමි කණ්ඩායමේ කිසිදු ස්ථානයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයකු තෝරාගෙන නොමැත. එමෙන්ම 2023 වසරේ අයිසීසී කණ්ඩායම් සඳහා තේරුණු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ චමරි සහ දිමුත් පමණි.

පිරිමි එක්දින කණ්ඩායමේ නායකත්වයට ඉන්දීය නායක රෝහිත් ෂර්මා පත්කර තිබේ.

අයි.සී.සී වසරේ ටෙස්ට් කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූර ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ ක්‍රීඩකයන් 5 දෙනෙකු ඇතුළත් අතර අයි.සී.සී පිරිමි එක්දින කණ්ඩායම සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත්ව සිටිති.

2023 වසරේ අයිසීසී කාන්තා එක්දින කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව ශ්‍රී ලංකා), පෝබී ලිච්ෆීල්ඩ්, (ඔස්ටේ්‍රලියාව) එලිස් පෙරී (ඔස්ටේ්‍රලියාව), ඇමෙලියා කෙර් (නවසීලන්තය), බෙත් මූනි (ඔස්ටේ්‍රලියාව), නැට් ශිවර් බ්‍රන්ට් (එංගලන්තය), ඈෂ් ගාඩ්නර් (ඔස්ටේ්‍රලියාව), ඇනබෙල් සදර්ලන්ඩ් (ඔස්ටේ්‍රලියාව), නඩිනේ ඩි ක්ලේර්ක් (දකුණු අප්‍රිකාව), ලී ටහුහු (නවසීලන්තය), නහිදා ඇක්ටර් (බංග්ලාදේශය).

වසරේ අයිසීසී පිරිමි ටෙස්ට් කණ්ඩායම

උස්මාන් කවාජා (ඔස්ටේ්‍රලියාව), දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව), කේන් විලියම්සන් (නවසීලන්තය) ජෝ රූට් (එංගලන්තය), ට්‍රැවිස් හෙඩ් (ඔස්ටේ්‍රලියාව), රවීන්ද්‍ර ජඩේජා (ඉන්දියාව), ඇලෙක්ස් කේරි (ඔස්ටේ්‍රලියාව) පැට් කමින්ස් (නායක) (ඔස්ටේ්‍රලියාව), රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව), මිචෙල් ස්ටාක් (ඔස්ටේ්‍රලියාව). ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය).

2023 වසරේ අයිසීසී පිරිමි එක්දින කණ්ඩායම

රෝහිත් ෂර්මා (නායක ඉන්දියාව), ශුබ්මන් ගිල් (ඉන්දියාව), ට්‍රැවිස් හෙඩ් (ඔස්ටේ්‍රලියාව), විරාත් කෝලි (ඉන්දියාව) ඩැරිල් මිචෙල් (නවසීලන්තය), හෙන්රිච් ක්ලාසන් (දකුණු අප්‍රිකාව) මාර්කෝ ජැන්සන් (දකුණු අප්‍රිකාව), ඇඩම් සම්පා (ඔස්ටේ්‍රලියාව) මොහොමඩ් සිරාජ් (ඉන්දියාව), කුල්දීප් යාදව් (ඉන්දියාව), මොහොමඩ් ෂාමි (ඉන්දියාව).
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment