‘බීමත්කම අල්ලන්න’ ගිහින් පොලිස් නිලධාරියාට හොට පැටලිලා

909

සීදූව ප්‍රදේශයේ දී මෝටර් රථයක් නවත්වා එහි සිටි අයකු ‘බීමත්ව’ සිටින බවට ලත් සැකයක් මත ඔහුගේ මෝටර් රථය පොලිසිය භාරයට ගැනීමෙන් පසු නොසිතූ ඇබැද්දියකට පොලිස් නිලධාරියෙක් මුහුණ පා තිබේ.

රථය පැදවූ අයගෙන් එය ගෙන පොලිසියට රථය ගෙන එද්දී පැදවූ පොලිස් නිලධාරියා අතින් මෝටර් රථය විදුලි කණුවක හැපී ඊට හානි සිදුව තිබේ. දැන් එම සිද්ධිය ගැන විමර්ශනයක් පැවැත්වෙයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment