බස් රථය ඉස්සර කිරීමට යද්දී යතුරුපැදිය ටිපර් රථයේ ගැටී තරුණ අඹුසැමි යුවළ එතැනම මරුට

814

රත්නපුර, තිරිවානාකැටිය ප්‍රදේශයේ දී ඊයේ (12 දා) උදෑසන යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ තරුණ යුවළක් එතැනම මියගොස් ඇතැයි රත්නපුර පොලිසිය පවසයි.

මියගිය දෙදෙනා කහවත්ත ඕපාත පදිංචි වයස අවුරුදු 24 ක් වන එස්. මෝහන් රාජ් සහ පුෂ්පිකා හර්ෂණි නම් අඹුසැමි යුවළකි. ඔවුන් විවාහ වී මාස දෙකති. රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔවුන් මියගොස් සිටි බව රත්නපුර හදිසි මරණ පරික්ෂක ටී. එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා පැවසීය. ඊයේ 12 වැනිදා උදෑසන හතට පමණ එම අනතුර සිදුව තිබේ. ඔවුන් දෙදෙනා රත්නපුර තිරිවානාකැටිය කෝවිලට පැමිණ ඇතැයි පොලිසිය පවසයි. යතුරුපැදිය පෞද්ගලික බසයකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේදී අනතුර සිදු වී තිබේ. යතුරුපැදියේ ගැටුණු ටිපර් රථය කිලෝමීටර් 40 ක් දුර ගොස් උඩවලව පොලිසියට ගොස් බාරවී ඇතැයි පොලිසිය පවසයි. මියගිය දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු රත්නපුර ශික්ෂණ රෝහලේ දී රත්නපුර හදිසි මරණ පරීක්ෂක ටී. එම්.ඒ. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් ඊයේ දහවල් සිදු කිරීමට නියමිතව තිබිණි. පශ්චාත් මරණ පරික්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෙද්‍ය මුදිත කුඩාගම මහතා විසින් පැවත්වීමට නියමිතය.

කහවත්ත – සමරවීර නිරෝෂණ, ඕපනායක – ජයලත් මුණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment