ආගමික ඇදහිලි විකෘති කරන ක්‍රියා සොයා බැලීමට කමිටුවක්

148

සමාජය විකෘති කිරීම පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින්, සමාජ ආතතිය ඇති කරමින් සිදුකරන ක්‍රියාවන් වැළැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බව ඇමැති වික්‍රමනායක මහතා සඳහන් කරයි.

පුද්ගලයකු ආගමික කරුණු විකෘති කරමින් කළ දේශනා ආදිය අනුගමනය කරමින් ඔහු හා ඔහුගේ අනුගාමිකයන් කිහිප දෙනකු සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළ්ය.

රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනෙකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment