ආදුරුප්පු වීදියේ වෙඩික්කරු අත්අඩංගුවට

1696

ගිණුමට ලක්ෂ 4ක් බැරවෙලා

ආදුරුප්පුවීදිය, ජින්තුපිටිය ප්‍රදේශයේ නිවසක් තුළදී පෙරේදා (24 වැනිදා) රාත්‍රි 8.30 ට පමණ සිදුවූ වෙඩි තැබීමේදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි ධනුෂ් රාජ් නමැති මත්ස්‍ය වෙළෙඳ ව්‍යාපාරිකයකු බව පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි. ඔවුන් මෙම වෙඩි තැබීම සිදුකර පලායන අයුරු ඒ ආසන්නයේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරාවක සටහන්වී තිබේ.

ආදුරුප්පු වීදියේ වෙඩික්කරු අත්අඩංගුවට
මියගිය අය

ධනුෂ් රාජ්ට වෙඩි තැබීම සිදුකර සැකකරුවන් යතුරු පැදියෙන් පලායෑමට තැත්කළ ද ඔවුන්ට යතුරුපැදිය පණගන්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් යතුරුපැදිය එම ස්ථානයේම දමා දිවයන අයුරු ද සී. සී. ටී. වී දර්ශනවල සටහන් වී තිබේ. පසුව ප්‍රදේශවාසීන් එක්ව සැකකරුවකු අල්ලා පහර දී පොලසියට භාරදී තිබේ. ඔහු වෙඩි තැබීම සිදුකළ අය බව හෙළිවිණැයි පොලිසිය කියයි. පලාගිය අනෙක් අය යතුරුපැදි කරු වේ.

මත්ද්‍රව්‍ය ආරවුලක් මත මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ මෙහෙයවීම මත සිදුකළ බව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ. වෙඩි තැබීමට යොදාගත් පිස්තෝලය ද පොලිස් භාරයට ගෙන ඇත. වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුවට අදාළව අත්අඩංගුවට පත් සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ 4ක මුදලක් එකවර බැරවී ඇතැයි ද පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න, සහකාර පොලිස් අධිකාරි (iv) අසිත ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ආදුරුප්පුවීදිය පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සරත් කුමාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

මෙම වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ මිලිමීටර් 9 පිස්තෝලයක් බවත් එම ජීව උණ්ඩ 4ක්ද අදාළ නිවස ආසන්නයේ බිම වැටී තිබිය දී හමුවූ බවත් පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment