ජාතික ආර්ථිකයට සවිය දුන් කැන්ඩොස් නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිඳුන් වෙනුවෙන් ජනපති සම්මාන

94

රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමේ දී රසකැවිලි නිෂ්පාදකයන් රටට කළ මෙහෙවරට ජනපති සම්මාන පිදීමේ දී කැන්ඩොස් බිහි කළ උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතා වෙනුවෙන් පිරිනැමුණු සම්මානය උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා විසින් ලබාගත් අවස්ථාව.

උපාලි විජයවර්ධන මහතා කොළඹ සේදවත්තේ තම නිවසේ සිට ‘ඩෙල්ටා ටොෆි’ හදමින් ආරම්භ කළ ව්‍යාපාරය කැන්ඩොස් හරහා රටේ ජාතික ආර්ථිකයට විශාල සවියක් දෙන ව්‍යාපාරයක් බවට පත්විණි. එතුමා වැනි ව්‍යාපාරිකයන් මේ පුංචි රට ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට කළ මෙහෙය අපරිමිත බව ද එහිදී ජනපතිවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment