ඊශ්‍රායලය සහ පලස්තීන යුද ගැටුම වහා නැවැත්වීමට ආරක්ෂක කවුන්සිලය කැඳවන්න

70

එක්සත් ජාතීන්ගෙන් විපක්‍ෂ නායක සජිත් ඉල්ලයි

ඊශ්‍රයාලය සහ පලස්තීනය අතර මේ වනවිට ඇති වී තිබෙන යුද ගැටුම වහා නැවැත්වීම සඳහා ආරක්ෂක කවුන්සිලය කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළේය.

ගාසා තීරයේ පිහිටි රෝහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 500කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වී ඇති බවත් මේ මොහොත වන විට ඊශ්‍රයාලය හා පලස්තීනය අතර ඇතිවූ යුද්ධය හේතුවෙන් ඊශ්‍රයාල ජාතිකයන් 1400ක් හා පලස්තීන ජාතිකයන් 3000කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති බවත් හෙතෙම එහිදී කීය.

මේ යුද ප්‍රහාර සියල්ල මහා ජන සංහාරයක් ලෙස හැඳින්විය හැකි බවත් කී විපක්ෂ නායක මෙම තත්ත්වය සමනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයන් කැඳවන ලෙසටත් එහි සිදුවන ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් මෙහි දී කියා සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment