ඉතාලියේ රැකියා අවස්ථාවන් 69700 ක්

1008

පසුගිය වර්ෂවලට වඩා මෙවර ශ‍්‍රී ලංකාවට වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක්

කෝටි පහක ජනහහනයකට හිමිකම් කියන යුරෝපයේ සුන්දරම දේශය ඉතාලිය COVID – 19 වසංගතය ආරම්භයේදීම ලෝකයේ අනිකුත් රටවලට වඩා වැඩි බලපෑමක් එල්ලවන රට හැටියට හැඳින්විය හැක. 2020 වර්ෂය පුරාවටම රටේ ආර්ථිකයට මෙන්ම සමස්ත ජීවිතයම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වුවද රටේ වගකිවයුතු නිලධාරීන් සහ සෞඛ්‍ය අංශවල නිවැරදි තීන්දු දේශපාලනීකරණය නොවීම හරහා ඇතිවුණ අවසාන ප‍්‍රතිඵලය වූයේ COVID – 19 අභිබවා රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමය. නමුත් 2022 ආරම්භයත් සමග COVID – 19 වෛරසයේ අලූත්ම ප‍්‍රභේදයක් රට තුළට ඇතුළුවීම හරහා නැවතත් ඉතාලියේ ප‍්‍රධාන නගර කීපයක් තුළ නව වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ලවන්නේ දිනකට ලක්ෂ දෙකකට අධික ආසාධිතයන් ප‍්‍රමාණයක් හඳුනා ගනිමින්ය.

ඣඪෂෘ 19 නව ප‍්‍රභේදයෙන් රට තුළට මොන බලපෑම් එල්ල වුවත් පසුගිය වර්ෂවලදී මෙන්ම 2022 වර්ෂයේදී ලෝකයේ තෝරාගත් රටවල් අතරට ඉතාලියේ රැකියා අවස්ථාවන් 69700ක් ලබාදීමට කටයුතු කරන්නේ ලෝකයේ අනිකුත් රටවලට වඩා මනුෂ්‍යත්වයෙන් පිරිපුන් එකම රට ඉතාලිය බවට නැවත නැවතත් පසක්කරමින්ය.

මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ අවසාන වරට ඉතාලි රජය මගින් නිර්දේශීත රටවල් සඳහා ලබාදුන් රැකියා කෝටා ප‍්‍රමාණය වන්නේ 30800 ප‍්‍රමාණයක් වන අතර 2022 නිර්දේශිත රටවල් සඳහා රැකියා අවස්ථාවන් 69700 ක් ලබාදීමට කටයුතු කර ඇති අතර එය පසුගිය වර්ෂවලට සාපේක්ෂව රැකියා අවස්ථාවන් 35000ට අධික ප‍්‍රමාණයකින් වැඩිවීමක්ය.

69700ක් රැකියා අවස්ථාවන් බෙදී යන්නේ 27700ක ප‍්‍රමාණයක් 01. බරවාහන රියැදුරුවරුන් 02, ගොඩනැඟිලි ඉදිකිරීමේ අංශයේ රැකියා 03. හෝටල් සහ සංචාරක කර්මාන්ත සඳහා රැකියා අවස්ථාවන් 42000 තාවකාලික සෘතු වීසා (වතු වීසා) සඳහාය.

බරවාහන සඳහා රැකියා අවස්ථාව හිමි වන්නේ ලංකාවේ රියැදුරු බලපත‍්‍රය CE කාණ්ඩය සඳහාය.

ගොඩනැඟිලි ඉදිකිරීමේ ක්‍ෂේත‍්‍රයේ

මේ සඳහා ශ‍්‍රී ලංකාවේ සිටින ඔබට අවස්ථාව, හිමිවන්නේ මේසන් වැඩ, වඩු කාර්මික, ජලනළ කාර්මික, විදුලි කාර්මික සහ පිංතාරු කාර්මිකයන් සඳහාය.

හෝටල් සහ සංචාරක ක්‍ෂේත‍්‍රය

මේ සඳහා අයැදුම් කළ හැකි වන්නේ සූපවේදීන්, වේටර්වරුන්, හෝටල් පිරිසිදු කරන්නන් සහ ගෙවතු පිරිසිදු කරන්නන් සඳහාය. මේ සඳහා අයැදුම් කිරීමට බලාපොරොත්තුවන ශ‍්‍රී ලාංකික අයැදුම්කරුවන් අදාළ ක්‍ෂේත‍්‍රයන් සඳහා සුදුසුකම් ලත් ඉතාලිය තුළ ලියාපදිංචි ආයතන හරහා අයැදුම් කිරීමට වගබලාගත යුතු අතර මේ සෑම ක්‍ෂේත‍්‍රයක් සඳහාම අයැදුම් කිරීමට හැකියාව ලැබෙන්නේ වයස අවුරුදු 18ට නොවැඩි අයැදුම්කරුවන්ටය. මීට අමතරව රැකියා අවස්ථාවන් 27700 කෝටාව තුළ දැනට ඉතාලියෙන් තාවකාලිකව රැඳීසිටීමේ බලපත‍්‍රය අවලංගුවී ඇති ශී‍්‍ර ලාංකිකයන්ට සතියකට අවම පැය 25ක් ස්ථිර රැකියා කොන්ත‍්‍රාත්තුවක් මත රැඳී සිටීමේ තාවකාලික බලපත‍්‍රය ස්ථිර බලපත‍්‍රයක් බවට පරිවර්තනය කර ගැනීමට මේ කෝටාව තුළදී හැකියාව ඇති බවට අවධාරණය කළ යුතුය.

ඉහත සඳහන් රැකියා අවස්ථාවන් සඳහා අයැදුම් කිරීමට බලාපොරොත්තු අයැදුම්කරුවන් ඊට අදාළ ආයතන හරහා තම සුදුසුකම් පුරවා 2022 ජනවාරි මස 27 දින උදෑසන 9.00ට විද්‍යුත් මාධ්‍ය හරහා අයැදුම් කළ යුතුය. 2022 ජනවාරි මස 12 වැනි දින සිට ඊට අදාළ අයැදුම්පත් ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මගින් පරිගණක ගතකොට ඇති අතර අයදුම්කරුවන් 2022 ජනවාරි මස 27 දිනට පෙර පුරවා එදින උදෑසන 9.00ට අයැදුම් කිරීමෙන් අදාළ කෝටාවට ඇතුළුවීමට හැකියාව ඇත.

තාවකාලික සෘතු වීසා (වතු වීසා)

ඉතාලියේ කෘෂිකාර්මික අංශයේ රැකියා සහ වසරේ මාස කීපයකදී පමණක් විවෘත වන ආපන ශාලා හෝටල් සඳහා අයැදුම් කිරීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මගින් අවස්ථාව සලසා දී ඇති අතර මේ සඳහා රැඳී සිටීමේ බලපත‍්‍රය හිමිවන්නේ උපරිම මාස 9ට බව අමතක නොකළ යුතුය.

මේ සඳහා අයැදුම්පත් සූදානම් කර ගැනීමට සේවා යෝජකයාගේ විස්තර ඇතුළත් කිරීම සඳහා ජනවාරි මස 12 වැනි දින සිට හැකියාව හිමිවනව අතර අයැදුම්පත් යොමුකළ හැකිවන්නේ 2022 පෙබරවාරි මස 01 සිට මාර්තු මස 17 වන දින දක්වාය.

ඉහත සඳහන් රැකියා කෝටාව සෘතු වීසා සඳහා ඔබ නිර්දේශ වන්නේ අයැදුම්කරන පිළිවෙළට නොව අයැදුම් කරන ආයතනයේ සුදුසුකම් හා ආයතන පිහිටි ප‍්‍රදේශය අනුවය.

2022 ඉතාලියේ DECRETO FLUSS I 69700 රැකියා අවස්ථාවන් සඳහා ඉතාලි රජය මගින් ලෝකයේ රටවල් තිස්තුනකට (33) අවස්ථාව ලබාදී ඇති අතර එක් එක් රටවල් සඳහා හිමිවෙන රැකියා කෝටා ප‍්‍රමාණය මේ වනවිටත් නිර්දේශ කොට නොමැත. පසුගිය වර්ෂවලදී ශ‍්‍රී ලංකාවට ලබාදුන් රැකියා අවස්ථාවන්වලට වඩා වැඩි රැකියා අවස්ථාවන් ප‍්‍රමාණයක් 2022 DECRETO FLUSS I මගින් රට තුළ පවතින තත්ත්වය මත ශ‍්‍රී ලංකාවට හිමිවනු ඇතැයි විශ්වාසය පළ කළ හැකිය.

ලලිත් හෙට්ටිආරච්චි
ඉතාලියේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment