එන්න සමරමු අපේ මිතුදම්… දෙරටේ සබඳතාව අද්විතීයයි

300
ඇමරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වැනි සංවත්සරය හා ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සබඳතාවයේ 75 වැනි සංවත්සරය සැමරීමට ඉකුත් දා කොළඹ දී පැවැති උත්සවයට සහභාගි වූ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය සමග.

තානාපතිනි ජූලි චංග් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ පැරණිතම හවුල්කාරයා බවත් දෙරටේ සබඳතාවන් අද්වතීය බවත් මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චංග් එහිදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මැදි වූ පසුගිය වසර තුළ පමණක් ගොවීන්ට ලබාදුන් පොහොරවල සිට කුඩා ව්‍යාපාරවලට ලබාදුන් අරමුදල් ආධාර යනාදී නව ආධාර වශයෙන් ඩොලර් මිලියන 270ක් එක්සත් ජනපද රජයෙන් ලබාදී තිබේ.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳ පොළ වන අතර, 2022 දී පමණක් ඩොලර් බිලියන 3.3ක අපනයන කටයුතු සිදු කර තිබේ. එසේම පසුගිය වසරේ සිසුන් 3,000ක් අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් ජනපදයට සංචාරය කර ඇති අතර, එක්සත් ජනපදය යනු ශ්‍රී ලංකාවේ දක්ෂතමයින් අධ්‍යාපනය සඳහා තෝරාගන්නා ගමනාන්තයක් වී තිබේ. International Visitor Leader ship Programs වැනි හුවමාරු වැඩසටහන් හරහා එ. ජා. තානාපති කාර්යාලය අනෙකුත් ශාස්ත්‍රීය සහ වෘත්තීය පුහුණු සඳහා ඍජුවම සහාය ලබාදෙන අතර පසුගිය 75 වසරක කාලයක් පුරා එම වැඩසටහන්වලට සහභාගි වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 3,000ක් ඉක්මවයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment