ජාතිය මත සොහොන් ලකුණු වැටිලා – ඩලස් කියයි

96

8 වැනි විධායක ජනාධිපති ධුරයේ උපරිම ආයු කාලය තව දින 193ක් යැයි ‘නිදහස’ ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එම පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය.

ඔහු මෙසේ ද කීවේය.

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 31% ක් රැඳී ඇත්තේ ඉහළින්ම ජීවත් වන 1% අත බවත් ජාතික ආදායමෙන් 64% ක් රැඳී ඇත්තේ ඉහළ මධ්‍යම පන්තියේ 10% අත බවත් පහළින්ම සිටිනා 50% ක් වූ පුරවැසියන් අත ගැවසෙන්නේ ජාතික ආදායමෙන් 4% ක් වූ සොච්චම බවත් පැහැදිලියි. මෙම අනාවරණයෙන් පැහැදිලි වන්නේ ජාතිය මත සොහොන් ලකුණක් වැටී ඇති බවයි.

එසේම, පුරවැසියන්ගේ අපේක්ෂාභංගත්වය උපරිම කාලයකට පැමිණිලා. සෑම පැය 12 කට එක් දිවිනසා ගැනීමක් වාර්තාවෙනවා. සෑම මාසයකටම විසිහය දහසක් (26,000) රට හැර යෑමෙන් ද එය තේරුම් ගත හැකියි. මේවා අපේ සංඛ්‍යාලේඛන නෙවෙයි. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේම ඒවයි. පොලිසියේම ඒවයි. ‘සාගරයක් මැද ගිලෙන රටක් ඇත’ යනුවෙන් මුතු ඇටය පරිවර්තනය වෙමින් තිබීම ජාතික ඛේදවාචකයක් වුවද ගිලෙන නැවෙන් පනින කලාව තේරුම්ගෙන සිටින දේශපාලනඥයින්ට එයින් අනතුරක් නෑ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment