ඖෂධවේදීන්ට ගැටලුවක් නැහැලු

144

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ද්විතීයික පදනම මත සේවය කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධවේදීන් එම අමාත්‍යාංශයට යොමු කිරීමෙන් ඔවුන්ගේ කිසිදු වෘත්තිය අයිතිවාසිකමක් උල්ලංඝණය වී නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි.රැකියාව, වැටුප්, විශ්‍රාම වැටුප් ඇතුළු ඔවුන්ගේ සියළු වරප්‍රසාද තවදුරටත් ඉන් සුරක්ෂිත වන බවත්, අදාළ පත්වීම් පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඔවුන් නිසි පරිදි යොමු කිරීම පමණක් මේ තුළ සිදුව ඇති බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවැසිය.සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment