කුලියාපිටියේ භූගත ගෙපැලක දහස් ගණන් මාළු මැරිලා

3473

කුලියාපිටිය නගර මධ්‍යයේ මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් මියගොස් අධික දුගඳක් හමන බවට ප්‍රදේශවාසීහු හා ව්‍යාපාරිකයෝ පිරිසක් චෝදනා කරති.

මහල් කීපයක ගොඩනැඟිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් වාහන ගාල් කිරීමට සකසන භූගතව හාරන ලද විශාල ප්‍රමාණයේ ගෙපලක එසේ මත්ස්‍ය වගාවක් සිදුකොට තිබූ බවට අවට පිරිස කළ පැමිණිල්ල අනුව කළ සොයා බැලීමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි මත්ස්‍යයන් මියගොස් සිටි බව අනාවරණය කරගෙන තිබිණ.

එහිදී එම ස්ථානයේ මහල් කීපයකින් යුත් ගොඩනැඟිල්ලක් සඳහා පාදමක් සකසා තිබූ බවත් එහි භූගත වාහන අංගණයක පිරී තිබූ ජලයෙහි තෙප්පලි මත්ස්‍යයින් වගාකොට තිබූ බවත් අනාවරණය කරගෙන තිබූ අතර අධික රශ්මියට ජලයෙහි ඇතිවන්නට ඇතැයි සැක කෙරෙන රසායනික ක්‍රියාවක ප්‍රතිඵලයක් හෝ මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් මෙසේ මත්ස්‍යයන් මියගොස් ඇතිට බව මහජන සෞඛ්‍ය පරීකෂකවරු සැක කරති.

මෙහිදී මත්ස්‍යයන් කුණු වීම නිසා අධික දුගඳක් හමමින් සෞඛ්‍යයට තර්ජනයක් වියහැකි බැවින් මත්ස්‍යයින් වගාකළ හා එම ගොඩනැඟිල්ලේ හිමිකාර පාර්ශ්වයට වහාම එම මියගොස් ඇති මත්ස්‍ය කුණු විධිමත්ව වළ දැමීමට උපදෙස් ලබා දී තිබිණ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment