කෙහෙළිය අද පාර්ලිමේන්තු යන්න බැහැ කියයි

415

අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවය.රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමේ අවස්ථාවට සහභාගී කරවන ලෙස කථානායකවරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත් 03 දා සිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටී.රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඔහු පරිසර අමාත්‍යධුරයෙන්ද ඉල්ලා අස් විය.

advertistmentadvertistment
advertistmentadvertistment