කේට් කුමරියට පිළිකාවක්

2036

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිද වන වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.‍විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, තමන් පිළිකා රෝගියකු වූ බව නිවේදනය කරමින්, කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවක් ද ප්‍රසිද්ධ කරමිණි.කේට් මිඩ්ල්ටන් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන විය. සැත්කම සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවුණු අතර, සැත්කමින් පසු කේට් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ද නැත. ඇය මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment