කොරෝනාවට බියේ වවුනියාවේ අතහරින නිවාසවලට සීල් තබයි

218

 වවුනියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළයෑම නිසා වවුනියාවේ නිවාස අතහැර වෙනත් පළාත්වලට තාවකාලිකව ගොස් සිටින වැසියන්ගේ නිවාස හුදෙකලා කිරීමට සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසිය පියවර ගෙන තිබේ.
 
 කොරෝනා රෝගීන් හමුවන පළාත් වල වැසියන් සිය නිවෙස් අතහැර රෝගීන් වාර්තා වී නොමැති පළාත් වල සිය ඥාතීන්ගේ නිවාස වලට යාමේ ප‍්‍රවණතාවයක් වවුනියාවේ දක්නට ලැබෙන බැවින් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් මේ තීරණය ගෙන තිබේ.
 
 මේ වනවිට එසේ පදිංචිය අතහැර තාවකාලික ස්ථාන සොයා ගිය වවුනියාවේ වැසියන්ට අයත් නිවාස හතරක් හුදෙකලා කොට සීල් තබා එම නිවාස වලට කිසිදු පුද්ගලයකුට ඇතුළු වීම තහනම් කොට තිබේ.

 දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment