කොළඹ නාට්ටාමිලා දසදහසකට ‘හතේ හත’

486

කොළඹට පැමිණෙන ගැනුම්කරුවන්ගේ අඩුව නිසා නාට්ටාමිවරුන් දසදහසක් පමණ අන්ත අසරණ වී ඇතැයි නාට්ටාමිවරුන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ කොතලාවල මහතා ‘දිවයින’ට ඊයේ (22 වැනිදා) පැවසීය.

සමහර නාට්ටාමිවරුන් ජීවිතය ගැන කලකිරීමට පත්ව ඇතැයි ද හෙතෙම කීය.

පසුගිය කොවිඩ් පැවැති වසර දෙකක කාලයේදී කිසිදු වැඩකටයුත්තක් සිදුනොවීම නිසා ඔවුන් වඩාත් අන්ත අසරණ වූ බව ද ඔහු කියා සිටියේය. කොළඹ නාට්ටාමිවරුන් 4000ක් ද, පෑලියගොඩ නාට්ටාමිවරුන් 6000ක් ද සේවාවල නිරත වන බව ද හෙතෙම සඳහන් කළේය.

වගකිවයුතු මැති ඇමැතිවරුන්ට මෙම ගැටලුව ගැන දැනුම්දී සිටියත් මෙතෙක් කිසිදු සහනයක් ලබාදී නැතැයි ද ඔහු කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment