කෝටි 15ක අයිස්  අත්අඩංගුවට දෙදෙනෙක් දැලේ

103

රුපියල් කෝටි පහළොවකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කැබ් රථයක යමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු මන්නාරම යුද හමුදා මාර්ග බාධකයේදී ඊයේ (31 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 400ක් අඩංගු පාර්සල් මෙම කැබ් රථයේ සඟවා තිබියදී යුද හමුදා නිලධාරීන් විසින් හොයාගෙන තිබේ. මන්නාරම යුද හමුදා මාර්ග බාධකය හරහා තලේමන්නාරමේ සිට වන්කාලෙයි දක්වා මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය රැගෙන යමින් තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත. මන්නාරම මාර්ග බාධකයේ රාජකාරි කරන 54 වන පාබල සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සහ 11 වන කාලතුවක්කු හමුදාවේ සෙබළුන් විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය කැබ් රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කර තිබිණි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 සහ 36 වයස් සීමාවල පසුවන පුද්ගලයන්ය. මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට බෝට්ටුවලින් ගෙන එන්නට ඇති බවට සැක කෙරේ. සැකකරුවන් මන්නාරම පොලිසියට භාරදී ඇති අතර ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගන්නා බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment