ගෑස් මිල බසී

207

ලිට්‍රෝ 1005 කින් පහළට නව මිල 3,738 ක්
ලාෆ් 1290 කින් පහළට නව මිල රු. 3990 ක්

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල ගණන් ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට එම සමාගම් පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 4,743 ක් ව පැවති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,738 කි.

රුපියල් 1,904 ක් ව පැවති කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 402 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1502 කි. කිලෝ ග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 183 කින් පහත දමා ඇති අතර රුපියල් 883 ක් වූ එහි නව මිල රුපියල් 700 කි.

මාසික මිල සංශෝධනයට සහ ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන්ට අනුව මෙම මිල අඩු කිරීම කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (04 දා) මාධ්‍ය හමුවකදී පැවසීය.

ලාෆ් ගෑස් සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මිල ගණන් අඩු කර ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,290 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 3,990 කි. කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩයක මිල රුපියල් 516 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1596 කි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment