චීන නැවක් නිසා ශ්‍රී ලංකාව යළිත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක

315

ෂින් යාන් – 6 නම් චීන පර්යේෂණ යාත්‍රාවේ ලංකා ගමන පිළිබඳව ඉන්දීය විරෝධය නිසා ඉන්දු – චීන ගැටුමට යළිත් වරක් ලංකා ආණ්ඩුවට මැදිවීමට සිදුව තිබේ.

ලබන ඔක්තෝබර් මාසයේ මේ යාත්‍රාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදෙන ලෙස මෙරට චීන තානාපති කාර්යාලය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ නමුත් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මේ ඉල්ලීම සම්බන්ධව රජය තවම තීරණයක් ගෙන නැති බවයි.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ මේ චීන යාත්‍රාව බුද්ධි තොරතුරු සෙවීමේ හැකියාවක් ඇති යාත්‍රාවක් බවයි.

ඉන්දීය විරෝධය හමුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව මේ චීන යාත්‍රාව නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට මුහුණ දී ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment