ජනවාරි මාසයේ විදුලි බිලට සහනයක් – ඇමැති කංචන කියයි

88

ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට‘ මැයෙන් ඊයේ (19දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේද පැවසීය.

යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් අපට මේ වන විට ලැබෙමින් පවතිනවා. එම පනත් කෙටුම්පත පිළිබඳව උනන්දුවක් දක්වන වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයින්, විදුලි පාරිභෝගිකයන් හෝ ඕනෑම පාර්ශ්වයකට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි. එම යෝජනා හා අදහස් අද සිට ජනවාරි මස 03 වැනිදා දක්වා ලිඛිතව අප වෙත ඉදිරිපත් කළ හැකියි.

ඒ වගේම ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට උපරිම ධාරිතාවයෙන් ජල විදුලිය උත්පාදනය සිදු කෙරෙනවා. මින් පෙර ඔක්තෝම්බර් මාසයේදී විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කළේ ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයට වැය වන අධික පිරිවැය සැළකිල්ලට ගනිමිනුයි. කෙසේ වෙතත්, දැන් කාලගුණික තත්ත්වය වෙනස් වී තිබෙනවා. පසුගිය මාස දෙක තුළ වර්ෂාපතනය ලැබුණු බැවින් සහ වර්ෂාපතනය තවත් සති දෙකක කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් විදුලි ගාස්තු සංශෝධනය කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අප වෙත දන්වා තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර සළකා බලා ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන මීළඟ ගාස්තු සංශෝධනයේදී යම් සහනයක් ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

එමෙන්ම ජනවාරියේ සිදුවන විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ.

නමුත් වැට් බද්ද ඉන්ධන සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇති කරනවා. නමුත් එම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි වෙනත් විකල්ප සම්බන්ධයෙන් අප මේ වන විට සකච්ඡා කරමින් සිටිනවා. එහි ප්‍රතිඵලයත් සමඟින් ජනවාරි මාසයේ දී ඉන්ධන මිල සංශෝධනය කිරීමට ද නියමිතයි. එහිදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ වන විටත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග අප සතුව පවතිනවා.

ඒ වගේම ඇතැමුන් ඉන්දියානු සූර්ය බලාගාර හා මෙරට සූර්ය බලාගාර සංසන්දනය කරමින් විවිධ චෝදනා නගනවා.

නමුත් ඉන්දියානු සූර්ය බලාගාර හා මෙරට සූර්ය බලාගාර සංසන්දනය කළ නොහැකියි.

advertistmentadvertistment
advertistmentadvertistment