ජන හා සංඛ්‍යාලේඛන නව අධ්‍යක්ෂ ජනරාල් පත්වේ

975

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස අනෝජා සෙනෙවිරත්න මහත්මිය පත් කර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියකි.ඇය 1990 වර්ෂයේ සිට දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරමින් මේ දක්වා වසර 33ක කාලයක් දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල මෙන්ම විවිධ අමාත්‍යාංශවලට අයත් සංඛ්‍යාලේඛන අංශවල සේවය කර ඇත. 2017වර්ෂයේ සිට ජන සංගණන හා ප්‍රජා විද්‍යා අංශයේ සහ සිතියම් විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ධූර දරමින් කටයුතු කළ ඇය, 2019 වර්ෂයේ සිට මේ දක්වා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1 තනතුරේ සේවය කරමින් වර්තමාන ජන හා නිවාස සංගණනය මෙහෙයවීමේ කටයුතු මෙන්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශ ගණනාවක අධීක්ෂණය භාරව කටයුතු කර ඇත.
එසේම ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික සංඛ්‍යානය පිළිබද පශ්චාත් උපාධිය එම විශ්ව විද්‍යාලයේම පරිගණක තාක්ෂණය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ,කොළඹ විශ්ව විද්‍යාලයේම ජනගහන අධ්‍යයනය පිළබදව පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරිනියක් ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment