ජලයෙන් නිපදවන ගිගාවොට් පැය 4500 ඒකක 90 ට අඩු අයට රු.5 ට දෙන්න – ඒත් ලංවිමට ලාභයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

69

වාර්ෂිකව ජල විදුලියෙන් නිපදවන ගිගාවොට් පැය 4500 ක ප්‍රමාණය විදුලි ඒකක බිංදුවේ සිට 90 දක්වා පාවිච්චි කරන ජනතාව වෙනුවෙන් ඒකකයක් රුපියල් පහක මුදලකට ලබාදිය හැකි බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (26දා) පැවසීය.

වර්ෂයකට ජල විදුලියෙන් ගිගාවොට් පැය 4500ක් නිපදවුවද විදුලි ඒකක බිංදුවේ සිට 90 දක්වා පාවිච්චි කරන සමස්ත ජනතාව වෙනුවෙන්ම වර්ෂයක් වෙනුවෙන් යන්නේ ගිගාවොට් පැය දෙදහස් පන්සියයක් පමණක් යැයි ද හෙතෙම කීවේය.

ජල විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් තුනයි ශත හැත්තෑවක් බවට මහජන උපයෝගීතා කොමිසම ගණන් හදා ඇති බැවින් රුපියල් පහක් වැනි මුදලකට එම ඒකකයක් ලබාදීමෙන් ද මණ්ඩලයට ලාභයක් ඇතැයි ද ඔහු කීවේය.

ඒකක බින්දුවේ සිට 90 දක්වා විදුලිය පාවිච්චි කරන ජනතාව ලක්ෂ හතළිහකට ආසන්න බව ද ඔහු පැවසීය.

අනිකුත් සියලු විදුලිය පාවිච්චි කරන ජනතාවට 30% ක ගණන් අඩු වීමක් සිදුවිය යුතු බවද සඳහන් කළ ඒ මහතා නැප්තා, ගල්අඟුරු, ඩීසල්, දැවිතෙල් මිල ලෝක වෙළෙඳ පොළේ අඩු වී ඇති නිසා මෙම අඩු කිරීම කළ හැකි බව ද කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment