ජාතික කතෝලික ලේඛක සංගමයේ රන් සම්මාන උළෙල

48

ජාතික කතෝලික ලේඛක සංගමයේ රන් සම්මාන උළෙල 2023 කොළඹ කිංසි පාරේ පිහිටි සෙඩෙක් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

එහිදී සමාජ සේවය වෙනුවෙන් හා ලේඛන කලාව වෙනුවෙන් කළ සේවය අගයමින් ජීවිතයට එක්වරක් පමණක් පිරිනැමෙන රන් සම්මානය දිනා ගත් ආචාර්ය ලාල් පුෂ්පදේව පියතුමා, ලෝරන්ස් ආනන්ද පියතුමා, ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා, ගොඩ්ෆි කුරේ, ආචාර්ය සචිත මෙන්ඩිස්, චතුරි පින්ටො, ලක්‍ෂමන් ඇන්තනි පෙරේරා, අජිත් මෙන්ඩිස්, අසංක ප්‍රනාන්දු, අනෙට් මරී ජසන්තා, වර්ජිනි පෙරේරා, සුරේකා නිල්මිණි ඉලංකෝන් යන මහත්ම මහත්මීන්ද, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. කිතුණු සාහිත්‍ය සම්මාන උළෙලේ කෙටිකතා අංශයෙන් ප්‍රථම ස්ථානය රූපිකාගේ භූමිකාව ලියූ දිවයින කර්තෘ මණ්ඩලයේ ඒ. ජේ. ඒ. අබේනායක ලබාගත් අවස්ථාව ද මෙහි දැක්වේ.

ජාතික කතෝලික ලේඛක සංගමයේ රන් සම්මාන උළෙල

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment