නිමාවක් නොපෙනෙන වසංගත අඳුර

301

ඩෙල්ටාව නිසා ඉන්දුනීසියාවේ මරණ ලක්ෂය ද ඉක්මවාගොස් තිබේ. ස්වීඩනයේ කරන ලද අධ්‍යයනයකින් පෙනීගොස් ඇත්තේ කොරෝනා රෝගීන්ට හෘදයාබාධ හා අංශභාගය ඇතිවීමේ අවදානම වැඩි කරන බවයි. රුසියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, දකුණු කොරියාව ඔවුන්ගේ දෙවන එන්නත් සඳහා කොවිඞ් -19 එන්නත මිශ‍්‍ර කිරීම සහ ගැළපීම පිළිබඳව  ගවේෂණය කරන රටවල් කිහිපයකි. එයට හේතුවන්නේ ඩෙල්ටා ප‍්‍රභේදයට මුහුණ දීමට ඇති හැකියාව සොයා බැලීමටය. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන විද්‍යාඥ වෛද්‍ය ආචාර්ය සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය එන්නත් මිශ‍්‍ර කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇත.

 මීට වසරකට පමණ පෙර කොරෝනා වසංගතය ගැන ලියූ ලේඛකයෙක් ස`දහන් කර තිබුණේ කොරෝනා වෛරසයේ විශාලත්වය මිනිස් කෙස් ගසක විෂ්කම්භයෙන් දාහෙන් එකක් ලෙසය. මිනිස් ඇසට නොපෙනෙන මේ වෛරසය සමස්ත ලෝකයේම ආර්ථික සහ සමාජ ජීවිතයට බියකරු අනර්ථයක් ඇති කිරීමට සමත් විය. එහි නිමාවක් පෙනෙන්නේ නම් නැත. ඉතා ඉක්මනින් කොරෝනාව පැතිරවන ඩෙල්ටා ප‍්‍රභේදය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ශීඝ‍්‍රයෙන් රෝගීන් ඉහළ යමින් පවතින අවස්ථාවක ළමා කොරෝනා රෝගීන් ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ළමා රෝග පිළිබඳ ඇමෙරිකානු ඇකඩමිය සහ ළමා රෝහල් සංගමය විසින් නිකුත්කරන ලද නව දත්ත වලින් පෙනී යන්නේ අගෝස්තු 5 දායින් අවසන් වන සතිය තුළ රට පුරා අලූතින් වාර්තා වූ කොවිඞ් – 19 ආසාදිතයන්ගෙන් දළ වශයෙන් 15% ක් ළමුන් වන බවයි. එම කාලය තුළ කොවිඞ් -19 වෛරසය ආසාදනය වූ ළමා රෝගීන් 94,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය සතියකට පෙර වාර්තා වූ රෝගීන් 72,000 ට වඩා 31% ක වැඩිවීමකි. ඊට පෙර සතියේ නව ළමා රෝගීන් 39,000 ක් වාර්තා වී තිබේ.

 ලංකාවේ ළමා රෝගීන් විශාල වශයෙන් නැතත් ළමුන්ටද බරපතළ සෞඛ්‍ය අවදානමක් පවතී. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව වසූරිය තුරන් කිරීමට කටයුතු කළ ඇමෙරිකානු වසංගත රෝග විශේෂඥ ලැරී බි‍්‍රලියන්ට් පසුගියදා ඇමෙරිකානු රුපවාහිනියක් සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේ කොරෝනාව ”සදාකාලික වෛරසයක්” බවට පත්වනු ඇති බවයි. ”මම හිතන්නේ අපි කොරෝනා වසංගතයේ අවසානයට වඩා අපි ආරම්භයට සමීපව සිටිනවා. මොකද ලෝක ජනගහනයෙන් එන්නත ලබා දීලා තියෙන්නේ සුළු පිරිසකට විතරයි. ඇත්තටම ලෝක ජනගහනයෙන් සියයට 15 ක් පමණයි එන්නත් කරලා තියෙන්නේ. තවත් රටවල් 100 ක් පමණ සිය ජනගහනයෙන් සියයට 5 කට පමණයි එන්නත දීලා තියෙන්නේ. මේ නිසා අතිශය බහුතරයක් ලෝක ජනතාව අනාරක්ෂිතයි. එවිට නිරන්තරව කොරෝනා ප‍්‍රභේද ඇතිවෙනවා ඩෙල්ටා නිසා ඇමෙරිකාවේ රෝගීන් යළිත් ඉහළ යනවා” යනුවෙන් ලැරී බි‍්‍රලියන්ට් කියයි. එසේම කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදය ”වඩාත්ම බෝවන වෛරසය” විය හැකි බවත් හෙතම කියයි.

 ඩෙල්ටාව නිසා ඉන්දුනීසියාවේ මරණ ලක්ෂය ද ඉක්මවාගොස් තිබේ. ස්වීඩනයේ කරන ලද අධ්‍යයනයකින් පෙනීගොස් ඇත්තේ කොරෝනා රෝගීන්ට හෘදයාබාධ හා අංශභාගය ඇතිවීමේ අවදානම වැඩි කරන බවයි. රුසියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, දකුණු කොරියාව ඔවුන්ගේ දෙවන එන්නත් සඳහා කොවිඞ් -19 එන්නත මිශ‍්‍ර කිරීම සහ ගැළපීම පිළිබඳව ගවේෂණය කරන රටවල් කිහිපයකි. එයට හේතුවන්නේ ඩෙල්ටා ප‍්‍රභේදයට මුහුණ දීමට ඇති හැකියාව සොයා බැලීමටය. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන විද්‍යාඥ වෛද්‍ය ආචාර්ය සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය එන්නත් මිශ‍්‍ර කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇත. මෙයින් ඇතිවන සෞඛ්‍ය බලපෑම් පිළිබඳ නිවැරදි දත්ත නොමැතිව එන්නත් මිශ‍්‍ර කිරීම භයානක බව ඇය පවසා තිබේ. එහෙත් ඔක්ෆර්ඞ් සරසවිය කළ අධ්‍යනයකින් සොයාගෙන ඇත්තේ ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත ලබා දී සති හතරකට පසු දෙවන මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමෙන් වඩා හොඳ ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාරයක් ලබා දෙන බවයි. මොඩර්නා සහ නොවෝවැක්ස් එන්නත් මිශ‍්‍ර කිරීම පිළිබඳ මේ වන විට අධ්‍යයනයක් සිදු වෙමින් පවතී. කිසිදු කොවිඞ් එන්නතක් 100% ක් සාර්ථක නොවන නමුත් එයින් ලැබෙන ප‍්‍රතිශක්තිකරණය මඟින් රෝහල්ගත වීමේ හා මරණ අවදානම බෙහෙවින් අඩු කරයි. බි‍්‍රතාන්‍යයේ වෝර්වික් විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යා වන මහාචාර්ය ලෝරන්ස් යන්ග් මහතා පවසන්නේ සම්පූර්ණයෙන්ම එන්නත් කළ පුද්ගලයන්ට පවා මෙම එන්නත් 100% සාර්ථක නොවන බව හො`දින් සිහියේ තබාගෙන තම කටයුතු වල නිරත විය යුතු බවයි. එසේම එන්නත මඟින් ඇති කරන ලද ප‍්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතින්නේ දැයි අපි තවමත් නොදන්නා බව මහාචාර්ය ලෝරන්ස් අවධාරණය කරයි. ඇත්තෙන්ම මෙරට වැසියන් පවා එන්නත ගත්තද කිසිම විටක මුව ආවරණය විසි කර නොදැමිය යුතුය. නිසි සෞඛ්‍ය පුරුදු අත්හැරිය යුතු නැත. එසේ නොවන්නේ නම් ඩෙල්ටාව ඔබ වැළ`ද ගනු ඇත. අයිස්ලන්තයේ සමස්තයක් වශයෙන් ජනගහනයෙන් සියයට 86 ක් මුළුමනින්ම එන්නත් කර තිබියදී එරට දැන් දරුණුතම කොවිඞ් -19 වසංගතය අත්විඳිමින් සිටී. එරට පුරවැසියන් 357,000 ක් සිටින කුඩා ¥පත් රාජ්‍යයකි. ඩෙල්ටා විකෘතියට එරෙහිව එන්නත ලබා දීමේ ඵලදායිතාවය පිළිබඳ මෙරට අධ්‍යයනයක් බවට පත්ව තිබේ. ඇත්තෙන්ම 16 ට වැඩි සියලූම අයිස්ලන්ත කාන්තාවන්ගෙන් සියයට 96 ක් පමණ අවම වශයෙන් එක් එන්නත් මාත‍්‍රාවක් ලබා ඇත. එසේම පිරිමින් සඳහා මෙම අගය සියයට 90 ක් පමණ වේ. නමුත් ඩෙල්ටාව සියල්ල උඩු යටිකුරු කර ඇති බව විදෙස් මාධ්‍ය කියයි. එනිසා මෙරට වැසියන් වඩා පරිස්සම් විය යුතුය. රට වැසීම ලෙහෙසි නැත. එයින් බඩගින්නේ මියයන තත්ත්වය ඇති විය හැක. විය යුත්තේ තම තමන් සුරැුකීම පමණකි. ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවට පවසන්නේ කුමක්ද? රටේ ජනතාවට මම කියන්නේ රජය කරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බල බල ඉන්න එපා. මේ ජීවිතයේ වටිනාකම තිබෙන්නේ ඔබට. තමුන්ගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා නීති දානකම් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැන ගන්න. සෞඛ්‍ය උපදෙස් ටික පිළිපදින්න. අනවශ්‍ය ගමන්, අනවශ්‍ය සාද නවත්වන්න.

 පහතින් දැක්වෙන්නේ කොරෝනා රෝගියකුගේ මුහුණු පොතේ සටහනකි. එය සියලූ දෙනාටම වැදගත් නිසා මෙලෙස උපුටමි.

 සෑහෙන හිතලා අන්තිමට මේ පෝස්ට් එක දාන්න හිතුවා. යාලූවනේ මේක පට්ට සීරියස් ගනිල්ලා. මමත් උඹල සමහරක් වගේ ‘‘අයියෝ ඕක අපිට හැදිල හොද වෙලත් ඇති. අපිට නම් ඕවට ප‍්‍රතිශක්තිය තියෙනවා” හෙන මාන්නෙන් හිටියේ. ගිය සදුදා මම දන්නෙත් නෑ උදේ කෑම එක කනකොට හුස්ම හිරවුණා. ක්ෂණිකව ජයවර්ධනපුර රෝහලට ඇතුල් කරපු නිසා ජීවිතේ බේරුනා. එතනදී අන්ටිජන් කරලා පොසිටිව් වුණ නිසා සහ අවදානම නිසා මට ඇදක් ලැබුනා. පස්සෙ මාව හෝමාගම රෝහලට මාරු කළා. දැන්නම් තත්ත්වෙ තරමක් හොදයි. මේකෙන් පරිස්සම් වෙන්න අපි අපිට අවංක වෙන්න ඕනෙ. අපි එළියට යද්දි කී දෙනාද හරියට මාස්ක් එකක් දාගෙන ඉන්නෙ. දැන් මෙතන ඔක්සිජන් ගහගෙන ඉන්න වෙන්නේ. ඒකත් තියෙනකන් හොදයි. වෙනද වගේ නිදහසේ හුස්ම ගන්න බෑ. හරියට කන්න බෑ, බොන්න බෑ. උදේ ඉදන් හොදට කතා බහ කර කර ඉන්න අසල්වැසි ඇෙ`ද් ලෙඩා ? තිස්සේ වෙව්ල වෙව්ල පන ඇදලා නැති වෙනවා අපි ඉස්සරහම. ආණ්ඩුවට නෙමේ මොකාට බැන්නත් වැඩක් නෑ අපේ ජීවිතය තියෙන්නෙ අපේ අතේ. බුදු සරණයි හැමෝටම.

 ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති අන්දමට කොරෝනා ආසාධනයෙන් පසුව ඇතිවන රෝග ලක්ෂණයන් 200ක් පමණ මේ වන විට වාර්තා වී තිබේ. මෙයින්, හුස්ම ගැනීමේ අපහසුව, ඥානන ගැටලූ (අවධානය යොමු කිරීමේ අපහසුතා, නිතර අමතකවීම්, මානසික ආකූලතා ආදිය*, සහ විඩාව මෙයින් ප‍්‍රධාන ය. මීට අමතරව පපුවේ වේදනාව, කථනයේ අපහසුතා, කාංසාව හෝ විෂාදය, මස්පිඬු වේදනාවන්, උණ, ගඳ සුවඳ සහ රස නොදැනී යෑම ආදී රෝග ලක්ෂණයන් ද බොහෝ වෙයි. මෙම රෝග ලක්ෂණ, රෝගී බවට පත්වීමෙන් මාස 3ක සිට මාස 9ක කාලයක් දක්වා පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි.

 ‘‘ලක්මාල්” (ඔහුගේ සැබෑ නම නොවේ) ගාල්ල ප‍්‍රදේශයේ වෙසෙන තිස් හැවිරිදි තරුණයෙකි. ඔහු රෝගය වැළ`දී සුවය ලැබූ කෙනෙකි. නමුත් සිය අත්දැකීම් මෙලෙස බී.බී.සී. සිංහල සේවයට ප‍්‍රකාශ කර තිබිණි. මෙයින් දිගුකාලීන කොවිඞ් රෝග ලක්ෂණ ගැන පැහැදිලි අවබෝධයක් ලැබේ. ඔහු ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව අවුත් දැනට මාස දෙකක් පමණ වේ.

 ‘‘ඇඟට හරි අමාරු යි ඉතින්. අන්තිමට බලද්දී මගේ බර කිලෝ 12ක් අඩුවෙලා තිබ්බා. දැනටත් ඇඟපත රිදෙනවා, ඇඟට පණක් නෑ, කකුල් කකියනවා. ඒ ටික දිගටම තියෙනවා, පොඩි කැස්සක් ආවත් පපුව පොඞ්ඩක් රිදෙන ගතිය තියෙනවා… ඇඟට මහන්සි ගතිය, මොනවත් කරන්න බැරි ගතිය, ඒ ටික තියෙනවා දිගටම. මම දන්නෑ කවද අඩුවෙයි ද කියන්න ලෙඩක් හැදුනාම, ඒක අපි පොසිටිව් කියලා දැනගත්ත ගමන් අපි කරන්න ඕන ඒක පැතිරෙන එක නවත්තන එක. තරහ වුණා ද කියලා නෑ, තමන්ගේ ආශ‍්‍රිතයන්ට පොඞ්ඩක් දැනුවත් කරන එකයි ලොකුම දේ… මට ඒ වෙද්දී වැක්සින් එකක්වත් ලැබිලා තිබ්බේ නෑ.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment